එතෙර සිටින ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලැබන බවය.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණි.
හිටපු සහ වත්මන් ජනාධිපතිවරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බවත් එම සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙයි.
Aruna