Friday, January 09, 2026
Follow Us
කොන්දේසි ඉටු වෙනවා නම් ඇමතිකමක් ගන්න සූදානම් – චම්පික

රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගනිමින් ජනතා විශ්වාසය යළි දිනාගැනීම සඳහා තමන් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටුවන්නේ නම් අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සියලුම පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම, රටේ ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවම වැඩපිළිවෙලක් ප්‍රසිද්ධියට පත්කිරීම, ඒ මත පදනම්ව අයවැයක් ඉදිරිපත් කිරීම, අමාත්‍ය ධුර නොමැති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරකසභා ක්‍රමයක් හරහා අමාත්‍යාංශ හැසිරවීමට අවස්ථාව ලබාදීම, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු රටට අතිශයින්ම බලපාන රාජ්‍ය ආයතන සඳහා කාටත් පිළිගත හැකි වෘත්තිකයින්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම යනාදී කොන්දේසි මේ වනවිටත් තමන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ඒවායින් ඇතැම් දේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද එකඟ වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

“අපි ඇමති ධුර හරියට කරලා පෙන්නපු අය. අර මං කියපු කොන්දේසි ඉටුවෙනවා නම් අපි ඔය ඕනෙම වගකීමක් ගන්න සූදානම් බව අපි හැමවෙලාවෙම ප්‍රකාශ කරලා තියෙනවා”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

LNW