Wednesday, September 23, 2026
Follow Us
ජනපති සමාව ඉල්ලා රංජන් ලිපියට අත්සන් කරයි

තමන්ට සමාව ලබා දෙන ලෙස ජනපති වෙත යවන ලිපියට රංජන් රාමනායක අත්සන් කර තිබෙනවා. අදාල ලේඛණ සහිත ලිපියට රංජන් රාමනායක අද දිනයේ අත්සන් කළ බවයි ඔහුගේ නීතීඥයෙකු වන දිනේෂ් විදාන පතිරණ මාධ්‍ය හමුවේ සදහන් කළේ.

රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයේදී අදාල ලිපියට අත්සන් කළ බවද ඔහු සදහන් කළා.

රංජන් රාමනායක සිර දඩුවමට ලක්ව සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි.

Neth