Tuesday, January 06, 2026
Follow Us
සරත් ෆොන්සේකාගේ 09 වැඩේට සමගි ජන බලවේගයේ සම්බන්ධයක් නෑ – අලවතුවල

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් අගෝස්තු 09 වනදා පැවැත්වීමට යන විරෝධතාවට සමගි ජන බලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා අවධාරණය කරයි.

“මම ඇත්තටම කියන්න ඕනෙ අපේ පක්ෂය මේ සරත් ෆොන්සේකා මහතාගේ 09 වෙනිදා විරෝධතාවය ගැන සම්බන්ධයක් නෑ. ඒක එතුමාගේ පෞද්ගලික කතන්දරයක්. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනෙ ප්‍රධාන විපක්ෂය හැටියට, වගකීමක් තියෙන පක්ෂයක් හැටියට අපේ රටේ ව්‍යවස්ථාවට අනුව, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා හැටියට පත්වෙලා තියෙනවා. අපේ පක්ෂය මේ වෙනකොට එතුමාත් සමග සාකච්ඡා කරලා තියෙනවා, මේ රටේ ජනතාව විශාල දුකක් විඳිනවා පෝලිම්වල රස්තියාදුවෙමින්, ඒ වගේම තමන්ගෙ දරුවන්ට තුන්වේල කන්න දෙන්න බැරුව ඉතාම අපහසු තැනක රට තියෙන්නෙ. ඒ තත්වය තුළ අපි ප්‍රධාන විපක්ෂය හැටියට බලාපොරොත්තු වෙනවා යම් කාලසීමාවක් මේ පත්වුණු ජනාධිපතිවරයාට ලබාදිය යුතුයි කියලා”

ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LNW