Tuesday, January 06, 2026
Follow Us
බස්නාහිර ආණ්ඩුකාර ධුරයට ජෝන් සහ සාලි අතර සටනක් … ?

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අතර සටනක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ අංක 1ට සිටි ජෝන් අමරතුංග මහතාට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පොරොන්දු වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම සඳහා මන්ත්‍රීවරුන් එකතු කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වූ අසාද් සාලි මහතා ද එම තනතුර තමන්ට අවශ්‍යය බව දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව, මේ වනවිට එම ආණ්ඩුකාර ධුරය වෙනුවෙන් දේශපාලන සටනක් ආරම්භ වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

LNW