දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබෙනවා. ඒ, මැතිවරණ නීති ප්‍රතිශෝධනය පිළිබඳ තේරීම් කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
මෙම වාර්තාවේ ඇතුළත් කරුණු කිහිපයකට ඇතැම් පක්ෂ විරෝධය පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකගතාවකට එළඹීම සඳහා මෙලෙස පක්ෂ නියෝජිතයින් කැඳවීමට තීරණය කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ.
පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඇතැම් පක්ෂ සිදුකරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළා.
Neth