Saturday, January 03, 2026
Follow Us
සර්ව පාක්ෂික රජයේ ඇමතිකම් ගන්නේ නෑ – ඩලස්ගේ කණ්ඩායම

තමන් ඇතුළු ඩලස් අලහප්පෙරුම මහතාගේ මන්ත්‍රී කණ්ඩායම සර්ව පාක්ෂික රජයේ කිසිදු අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

“අපි ඉතාමත්ම පැහැදිලිව කිව්වා රටේ සුබසිද්ධිය වෙනුවෙන්, ජනතාවට යහපතක් වන සියලු පියවර සම්බන්ධයෙන් අපේ පූර්ණ සහයෝගය තියනවා කියලා. අප කිසිසේත් කකුලෙන් අදින්නේ නෑ. හැබැයි එක තැනක බොහොම සෘජුව ඉරක් ගහනවා, අපි කිසිසේත් ඇමති ධුර හෝ විධායක ශාඛාව තුළ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ”

ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන කළ සාකච්ඡාව සම්බන්ධයෙන් ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

LNW