Saturday, January 03, 2026
Follow Us
ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට සැකයක්

හිටපු ජනපති අගමැති ඉවත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවාව කටයුතු කරලා?


හිටපු ජනපති හා අගමැති ඉවත් කර ආණ්ඩුව පෙරළීමට රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි සේවා කටයුතු කළ බවට සැකයක් පවතින්නේ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට දැනුම් දී තිබේ.

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමැතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පෙන්වා දී ඇත්තේ ජුලි මස නව වැනිදා ජනාධිපතිවරයා ඉවත් කිරීමට කොළඹට පහළොස්දහසක සෙනඟක් පැමිණෙන බව රාජ්‍ය බුද්ධි අංශය දැනුම් දී තිබූ බවයි. නමුත් ඊට වඩා වැඩි සෙනඟක් පැමිණි බවද පොලිසිය හා හමුදාවට ඉදිරිපත් කළ බුද්ධි වාර්තා අරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු නොකර ඇති බවද මන්ත්‍රිවරු මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවේ දී මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළද ඉට අවස්ථාව ලබා නොදී මන්ත්‍රිවරු ප්‍රකාශ කළේ අනිවාර්යෙන්ම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මෙහිදී මහජන ආරක්ෂක ඇමැතිවරයා සමග මත ගැටුමක්ද ඇති කර ගත් බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳව මීළඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී අනිවාර්යෙන්ම සාකච්ඡා කරන බවද මන්ත්‍රිවරු අවදාරණය කර සිටියහ. එම නිසා පොලිස්පතිවරයා ඉවත් කර බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන ලෙස මන්ත්‍රිවරුන් මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Aruna