Saturday, January 03, 2026
Follow Us
නාමල්ට ඵරෙහි නඩුවක් කැදවීමට අධිකරණය දින නියම කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් ව්‍යාපාරයක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඵ්, මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ අද කැදවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ලට අදාළව ගත යුතු ඉදිරි පියවර පිළිබඳව නීතිපති උපදෙස් අපේක්ෂාවෙන් සිටින බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

Neth