Saturday, January 03, 2026
Follow Us
එකතුව වැඩ කරන්න ඕනෙ නම් අරගලකරුවන් මර්දනය නවත්වන්න – TNA ජනපතිට කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ එවැනි වැඩපිළිවෙලක් තුළ තම පක්ෂයත් එක්ව කටයුතු කිරීමට නම් රජය මේ වනවිට අරගලකරුවන්ට එරෙහිව ගෙනයන මර්දනකාරී ක්‍රියාවලිය නැවැත්විය යුතුයැයි තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“ජනාධිපතිතුමාගේ ආරාධනයට අපි පිළිතුරක් යවලා තිබුණා සම්බන්ධන් මහතා මගින්, ඒ වගේ ජාතික වැඩපිළිවෙලක් හදන්න අපි අපේ සහාය දෙනවා කියලා. ඉතින් අපි හමුවෙලා කතා කරපු වෙලාවේදී අපි අපේ ස්ථාවරය හෙළි කළා. ඒ වැඩපිළිවෙල සකස් කළාට පස්සේ, ඒ වැඩපිළිවෙල මොනවද කියලා අපි දැනගත්තාට පස්සෙ තමයි අපි ඉදිරි පියවර ගන්නෙ. අද හමුවේදී අපි මේ අරගලකරුවන් සම්බන්ධයෙනුත් අපේ මතය ජනාධිපතිතුමාට හෙළිදරව් කළා. එතුමා පාර්ලිමේන්තුවේදී කළ කතාවේදීම කිව්වා කලින් ආපු අය, පටන් ගත්ත අය මේක සාමකාමීව හොඳට කළා කියලා. අපි අද ඒක මතක් කරලා කිව්වෙ, එහෙම නම් දැන් ඇයි ඒ වගේ අයවත් අත් අඩංගුවට ගන්නෙ ? අපි එකතුව ගමන් කරන්න ඕනෙ නම් ඒ අරගලකරුවන්ට එරෙහිව ගෙනියන ක්‍රියාවලිය ඔක්කොම නවත්තන්න ඕනෙ කියලා ඉල්ලීමකුත් කළා”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (03) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LNW