Saturday, January 03, 2026
Follow Us
රාජාසන කතාව නම් හොඳයි.අභියෝගය එන්නේ කරන්න ගියාම – දයාසිරි

ජනාධිපතිවරයෙක් විසින් කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව ලෙස සිදුකළ අතර අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේම තිබෙන ප්‍රශ්න පිළිබඳව එම රාජාසන කතාවේ අවධානය යොමුකර තිබුණු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙය තවත් එක් රාජාසන කතාවක් පමණක් නොවේවි යන්න විශ්වාස කරන අතර එය ඉටු කිරීමට අවශ්‍ය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධ යෝජනාව සිදුකළේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව හෙතෙම කියාසිටියේය.

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනු ඇති බවත් එහි තනතුරු ගන්නවාද නැද්ද යන්න පිළිබඳ පක්ෂයක් ලෙස තීන්දුවක් ගෙන ඉදිරියේදී ක්‍රියා කරනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

LNW