Saturday, January 03, 2026
Follow Us
09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

අද පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු වෙන්නේ මෙහෙමයි


09 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය අද (03) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

උදෑසන 10.30ට සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව එහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

උදෑසන 09.30 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර ඉන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පැමිණීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව වෙත පැමිණීමට නියමිතය.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත චාම් සරල උත්සවයක් පැවැත්වෙන අතර ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි පැවැත්වීමක් සිදුනොකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පමණක් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පිරිනැමෙන අතර ජනාධිපතිවරයා එහිදී ජාතික ධජය එසවීම පමණක් සිදුකරන බව සඳහන්ය.

Aruna