සිංගප්පූරු විදෙස් ඇමති ගෝඨාභය ගැන කිව්ව කතාව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් හිමි නොවන බව එරට විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පවසයි.
සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විවියන් බාලක්‍රිෂ්ණන් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබා නොදෙන බව එරට විදේශ අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබානොදුන් බව ඔහු සඳහන් කරයි.
Aruna