Saturday, January 03, 2026
Follow Us
ගෝඨාභය ලංකාවට ආවොත් සාදරයෙන් පිළිගන්නවා

හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ පහසුකම් සහ ආරක්ෂාව සලසන්න


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණ දේශපාලනයේ නිරත වීමට අපේක්ෂා කරන්නේ නම් ඔහු සාදරයෙන් පිළි ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව පැවසීය.

පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරන බවද සාගර කාරියවසම් අවධාරණය කරයි.

එතුමාට එන්න අවශ්‍ය වෙලාවට ලංකාවට එන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. එතුමා ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ශ්‍රී ලංකා රජයට සම්පූර්ණ වගකීමක් තියෙනවා පුරවැසියෙක් හැටියට සහ හිටපු ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සහ ආරක්ෂාව සලසන්න. ඉතිං මං හිතන්නේ නෑ එතුමා ලංකාවට පැමිණීම කියන එක විශේෂ සිදුවීමක් හැටියට සලකන්න ඔ්න දෙයක් හැටියට.

Aruna