Saturday, January 03, 2026
Follow Us
ජනාධිපතිගේ උත්සාහය සර්ව පාක්ෂික ආණ්ඩු ලේබලයෙන් දේශපාලන ආරක්ෂාවක් ගැනීම – තිස්ස

ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන ලෙස මන්ත්‍රීවරුන් වෙත ලිපි යොමු කිරීමෙන් සිදුකරන්නේ දේශපාලන ව්‍යාපෘතියක් වන අතර අවශ්‍ය නම් කළ යුත්තේ පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කර එකඟතාවන්ට පැමිණීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ, (31) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එය ජනාධිපතිවරයාගේ දේශපාලන බලය රැකගැනීමට යොදාගත් උපක්‍රමයක් බවයි අත්තනායක මහතා කියා සිටියේ.

අවශ්‍ය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් බවා හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ තනතුරු නොගෙන පාර්ලිමේන්තුවේදී වැඩපිළිවෙලකට සහය දෙන බවට දන්වා තිබියදී තවදුරටත් සර්ව පාක්ෂික ආණ්ඩු ලේබලය අලවමින් සිදුකරන්නේ දේශපාලන ආරක්ෂාවක් සලසා ගැනීමට බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

LNW