Saturday, January 03, 2026
Follow Us
අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඇමැති වැටුප නෑ

මැති ඇමතිවරුන්ගේ වැටුප් ගැන ජනපති ගත් තීරණය


සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන්ටද ඇමැති වැටුප ලබා නොදී මන්ත්‍රි වැටුප පමණක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවී‍මෙන් පසු ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය. කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට එක නිල රථයක් ලබාගැනීමටද අවස්ථාව හිමිවන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට තිබෙන කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ටද මන්ත්‍රි වැටුප පමණක් වසරක කාලයක් හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කළේය. ඉදිරියේදී බිහිකිරීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුර තිහකට සීමා වන අතර, රාජ්‍ය අමාත්‍ය ධුර හතළිහ දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු කිහිප දෙනකුටද ඇමැති ධුර ලැබෙන අතර සුළු දේශපාලන පක්ෂ නායකයන්ටද කැබිනට් ඇමැති ධුර ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

Aruna