පාර්ලිමේන්තුවේදී අනුර දුටු විකෘතියක් ගැන රටට කියයි
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ලැබෙන ප්‍රතිඵලය ගැන තමන් පෙර සිටම දැනසිටි බව ජනාධිපති අපේක්ෂ අනුර කුමාර දිසානායක පැවසීය.
නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.
අද පාර්ලිමේන්තුවේ පිළිඹිබු වූයේ ජනතා කැමැත්ත නොවන බවත් ජනතා කැමැත්තේ විකෘතියක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.
මෙම ප්‍රතිඵලය හා විපක්ෂයේ ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතින බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Aruna