Friday, January 02, 2026
Follow Us
ධම්මික පෙරේරා ආයෙත් පාර්ලිමේන්තු එන්නේ නෑ?

ජනාධිපතිවරණයට ඡන්දය දී ධම්මික තීරණාත්මක තීන්දුවක් ගනී


පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා හෙට(21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය වෙනුවෙන් ධම්මික පෙරේරා පසුගිය ජූනි 22 වැනිදා පාර්ලිමේන්තුවට පිවිසුණි.

පසුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජූනි 24 දිවුරුම් දුන් හෙතෙම ජූලි 10 වැනි දින ඉල්ලා අස්විය. ඔහු අමාත්‍ය ධුරය හෙබවූයේ දින 16ක් වැනි කෙටි කාලයකි.

ධම්මික පෙරේරා මීට සුලු මොහොතකට පෙර අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙදී ඡන්දයද භාවිතා කළේය.

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ව්‍යාපාරවල ඔහු දැරූ තනතුරුද අත් හැරියේය.

Aruna