Friday, January 02, 2026
Follow Us
අරගලකරුවන් ජනාධිපති මන්දිරේ වටලනවිට බැසිලුත් ඇතුළේ

බැසිල් අරගලකරුවන්ගෙන් බේරී ගිය විදිය


ජූලි 09 දා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරය වටලන මොහොතේ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂත් ජනපති මන්දිරයේ කාමරයක් තුළ සිට ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයට ඇතුළුවීම සඳහා අරගලකරුවන් ආරක්ෂක අංශ යොදා තිබූ ආරක්ෂක වැට කඩා ගෙන එන අතරේ විදේශ කටයුතු අමාත්‍යාංශය දෙසින් පිටව ගිය බව අනාවරණය විය. ඒ අරගලකරුවන් ජනපති මන්දිරයට කඩා වැදීමට පැය භාගයකට පෙරය.

ආරක්ෂක ලේකම්වරයා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද, පොලිස්පතිවරයාද අවසන් මෙ​හොත වනතෙක් ජනපති මන්දිරයේ මෙහෙයුම් මැදිරිය තුළ ආරක්ෂක අංශ මෙහෙයවා තිබිණි.

ජනාධිපතිවරයා මන්දිරයේ දෙවැනි මහලේ සිට විදුලි සෝපානයෙන් නාවික හමුදා මූලස්ථානයට රැගෙන ගොස් රණබාහු නෞකාවෙන් ත්‍රිකුණාමල වරායට රැගෙන ගොස් තිබුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යටතේය.

Aruna