Friday, January 02, 2026
Follow Us
එක් අපේක්ෂකයෙකු ඉවත් වීමේ සූදානමක් ඇති බවටත් නිල නොවන වාර්තා

ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද දින නාමයෝජනා භාරදීමට අපේක්ෂකයන් සිව් දෙනෙකු සූදානමින් සිටිනවා. ඉන් එක් අපේක්ෂකයෙක් වන්නේ වැඩබලන ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. රට මුහුණ දී ඇති අර්බුදවලට විසදුම් ලබාදිය හැක්කේ සිය ජනාධිපති අපේක්ෂකයාට බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ.

සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනාධිපතිවරයා තෝරා ගනු ලැබීමට හෙට දිනයේ පැවැත්වෙන ඡන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායකද ජනාධිපතිවරයා තෝරා ගැනීමට පවත්වන ඡන්ද විමසීම සදහා අද දිනයේ නාමයෝජනා භාරදීමට නියමිතව තිබෙනවා.

මේ අතර දේශපාන ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනට ප්‍රකාශ කර ඇති අපේක්ෂකයින් 04 දෙනාගෙන් එක් අයෙකු අද දිනයේ නාමයෝජනා භාර නොදීමට සූදානමක් පවතින බවයි. එසේ වුවහොත් අදාල අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම පක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙකුගේ නම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවටද වාර්තා පල වනවා.

මේ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට විපක්ෂය නියෝජනය කරන සු`එ පක්ෂ කීපයක් සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.

Neth