Friday, January 02, 2026
Follow Us
කථානායකගෙන් පොලීසියට පැමිණිල්ලක්

මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන දැන්වීම් ගැන විමර්ශන ඇරඹෙයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන දැන්වීම් සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි.

කථානායකවරයා විසින් ලිඛිතව පොලිස්පතිවරයා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිලි ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර අදාළ විමර්ශන සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් මගින් (18) කරුණු වාර්තා කළ බවද පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.

පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු සිදුකරන බවයි.

එමෙන්ම එවැනි දැන්වීම් සකසන්නන්, පළකරන්නන්, හුවමාරු කරන්නන් සහ එවැනි සමාජ ජාලා ගිණුම් පරිපාලකවරුන් සියළුදෙනා සම්බන්ධයෙන් විමර්ශනවලදී සොයා බැලෙන අතර, ඔවුන් සියළුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.

 

Aruna