Friday, January 02, 2026
Follow Us
සජබෙන් 10ක් රනිල්ට ගන්න හරින්-මනුෂ වැඩ අරඹයි

මන්ත්‍රිවරුන් කිහිපදෙනකු සමග රහසිගත සාකච්ඡා


ලබන විසිවැනිදා පාර්ලිමේන්තුවේ දී නව ජනාධිපතිවරයා තේරීමේ දී සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු දස දෙනකුගේ සහයෝගය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා ගැනීම සඳහා සාකච්ඡා අාරම්භ කර ඇත.

එම මන්ත්‍රිවරු සමග සාකච්ඡා කිරීමේ වගකීම හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන්ට පවරා තිබේ. එම ඇමැතිවරුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු සමග රහසිගත සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂය හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රිවරු මෙන්ම දෙමළ හා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහයෝගයද රනිල් වික්‍රමසිංහට ලබා ගැනීම සඳහා ක්‍රියාත්මකය. එම සාකච්ඡා රනිල් වික්‍රමසිංහ විසින්ම සෘජුව සිදු කරන බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. එහි දී කළුතර, නුවරඑළිය සහ කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහයෝගය ලබා දීමට දැනටමත් එකඟතාව පල කර තිබේ.

Aruna