පුරප්පාඩුවී ඇති ජනාධිපති ධූරය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී තමන් ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක පවසනවා. ඒ, එම පක්ෂය කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්දය භාවිත නොකිරීමටඑ තීරණය කර ඇති පසුබිමක් තුළයි.
කෙසේවෙතත් එම ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහාය ලබාදෙන බවයි ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ පැවසුවේ. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ 10යේ සෙස පක්‍ෂ 9 එම ඡන්ද විමසීමේදී සහාය ලබාදෙන්නේ
ජනාධිපති ඡන්ද විමසීමට ඉදිරිපත් වෙන අපේක්‍ෂකයන් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙල රට හමුවේ ප්‍රකාශ කළ යුතු බවයි එම පක්‍ෂ 10 එකමුතුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග පැවසුවේ.
Neth