Friday, January 02, 2026
Follow Us
ගෝඨාභය අගෝස්තුවේ ලංකාවට එයි

හිටපු ජනපති අමරිකාවට යාම අතහැර දමයි


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණීමට සූදානම් වෙයි.

සිංගප්පූරුවේ දැනට රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මේ මස අවසානය දක්වා එහි රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉන් පසු දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබේ. ඇමරිකාවට යාමේ සැලසුමද ඔහු අත්හැර දමා ඇත. ඒ පුත්‍රයාගේ ආරක්ෂාව වෙනුවෙනි.

හිටපු ජනාධිපතිවරයා ලබන මස යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද මන්ත්‍රිවරු පිරිසකට දැනුම් දී තිබුණි.

මේ අතර උපන් මවුබිමට සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට ඇප කැපවී සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබිණි.

Aruna