ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා තනි මතයට අනුව ක්‍රියාකිරීමට යෑමෙන් පක්ෂය කොටස් කිහිපයකට කැඩී යා හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා.
පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සිදු කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
පොදු මතයකින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තෝරා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තමන් ඇතු`එ කණ්ඩායමක් පක්ෂ ප්‍රධානීන්ට බලපෑම් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල වැඩිදුරටත් සදහන් කළේ.
නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙසට එම පක්ෂයේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්ගෙන් කරුණු විමසමින් ලිපියක් ද යොමු කර තිබුණා.
Neth