Friday, January 02, 2026
Follow Us
කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට TNA ඇතුළු අපි 11කගේ සහාය නෑ – විග්නේෂ්වරන්

තමන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම පිණිස පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්ද ප්‍රකාශ නොකිරීමට තීරණය කර ඇති බව සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

“කාටවත් ඡන්දෙ දෙන්නෙ නැතුව නියුට්‍රල් හැටියට ඉන්නයි අපේ බලාපොරොත්තුව. මොකද අපි අපට ඕනෙ දේවල් එක එක ආණ්ඩුවලින් අහලා, අද වෙනකල් කිසිදෙයක් වෙලා නෑ. ඒ නිසා අපි මේ සැරේ ඡන්දය කාටවත් දෙන්නෙ නෑ. කුමාර් පොන්නම්බලම් ගැන දන්නෙ නෑ, අනිත් අය ඔක්කොම අපි එකට”

ප්‍රශ්නය – ඒ කියන්නෙ TNA එකයි ඔබතුමායි එකටද ?

“ඔව්. ඒගොල්ලොන්ගෙ 10 දෙනෙක්. මාත් එක්ක 11 යි. තවත් දෙන්නෙක් ඉන්නවා, කුමාර් පොන්නම්බලම්ගෙ ඇතුළු. කුමාර්ගෙ අදහස මොකක්ද කියලා මම දන්නෙ නෑ”

සී. වී. විග්නේෂ්වරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

LNW