විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව සමඟි ජනබලවේගය පවසනවා. ඒ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා.
මේ අතර ජනාධිපතිධූර අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම මේවනවිනවිටත් තහවුරු කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 යේ මන්ත්‍රී කණ්ඩායම පැවසුවේ තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. එම අපේක්ෂකයින් සමග වෙන් වෙන්ව සාකච්ඡා කර ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවලි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය පාර්ශවය ඡන්දය ලබාදෙන අපේක්ෂකා පිළිබඳ තීරණය කරන බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වූ බවට ඊයේ පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කෙරුණා. ඒ අනුව ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ නාම යෝජනා භාරගැනීම ලබන 19 වනදා සිදු කෙරෙනවා. ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 20 වනදායි.
Neth