Friday, January 02, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුවේ නායකයා සජිත් ද?

“හුඟක් දුරට එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. සාර්ථක වෙයි.”


ඉදිරියේදී පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ නායකත්වය භාරගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

විපක්ෂයේ ස්වාධීන පක්ෂ දහයේ නියෝජිතයින් සමඟ (10) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ඔහු මේ බව සඳහන් කළේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ, මහ ලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

“හුඟක් දුරට එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. සාර්ථක වෙයි.”

ප්‍රශ්නය – ඔබතුමාලාගේ කණ්ඩායමෙන් අද මාධ්‍ය සාකච්ඡාවේ දී කියවිලා තියෙනවා ඔබතුමන්ලාගේ නායකයා සජිත් ප්‍රේමදාස තමයි අගමැතිවරයාට සුදුසුකම් ලබන්නේ, එහෙම වුණොත් මේ සර්ව පාක්ෂික ආණ්ඩුව තුළ මොන මොන මත ගැටුම් ඇති වෙයි ද?

“පක්ෂයක් විදියට අපේ නායකයා තමා අද විකල්ප ආණ්ඩුවේ පක්ෂ නායකයා.”

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව විපක්ෂයේ ස්වාධීන වූ පක්ෂ 10යේ නියෝජිතයින් බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව එම නියෝජිතයින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයින් සමඟ ජුබිලි කනුව ප්‍රදේශයේ පිහිටි තලතා අතුකෝරළ මහත්මියගේ නිවසේදී සාකච්ඡාවක් පැවැත් වුයේය.

Aruna