අගමැතිගේ නිවසේ ගින්නෙන් සියලු දෑ විනාශ වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනක් සිටින බව පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලීසිය විසින් තවදුරටත් විමර්ශන සිදුකරයි.
විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (09) රාත්‍රීයේ අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වූ අතර පසුව ගිනි ගැනීම වාර්තා විය.
කෞතුක භාණ්ඩ සහ වටිනා පොත්පත් රාශියකින් සමන්විත එම නිවසේ තිබූ සියලු දෑ ගිනිගෙන විනාශ වී තිබේ.
Aruna