පැය 24ක් තුළ අමාත්‍යවරුන් සිව්දෙනකු ඉල්ලා අස්වීමට තීරණය කරයි
කෘෂිකර්ම හා වන ජීවි හා වන සම්පත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද අමරවීර තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට අද ඉන්දියාවෙන් ලැබීමට නියමිත පොහොර තොගය භාරගැනීමෙන් අනතුරුව තම ඉල්ලා අස්වීම බලාත්මක වන බව ඔහු සඳහන් කරයි.
ඒ අනුව, ගතවූ පැය 24 ක් තුළ මෙරට තුළ අමාත්‍යවරුන් සිව්දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.
බන්දුල ගුණවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ද මේ වනවිට සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කර තිබේ.
Aruna