Friday, January 02, 2026
Follow Us
සර්ව පාක්ශික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක්

රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩපිළිවෙලකට යොමුවන ලෙසට සිදුකරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කළ අතර ඊට සාධනීය ප්‍රතිචාර හිමිවිය.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් පත්කර කටයුතු සිදුකිරිමට යෝජනා වූ අතර, ඒ අනුව ප්‍රධාන වශයෙන් රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබාදීමේ අරමුණැතිව කෙටි කාලීන හා දීර්ඝකාලීන ඉලක්ක සපුරාලීමේ අවම වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමට විපක්ෂය නියෝජනය කරන සිය`එ පක්ෂවල නියෝජනයෙන් ආර්ථීක හා දේශපාලන කමිටු දෙකක් ස්ථාපිත කෙරිණ.

ආර්ථීක කමිටුව පා.ම. ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන කමිටුව පා.ම. වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කි්‍රයාත්මක කිරිමටද මෙහිදි තීරණය විය.

 

ඒ අනුව රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබාදීමේ අරමුණැතිව කෙටි කාලීන හා දීර්ඝකාලීන ඉලක්ක සපුරාලීමේ අවම වැඩපිළිවෙල මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරන විපක්ෂයේ සියලු පක්ෂ වෙත ඉදිරිපත් කොට එම පක්ෂ නායකයින්ගේ අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ති්‍රවරුන්ට එම යෝජනා ඉදිරිපත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරිම උදෙසා බහුතරය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කිරිමට සැලසුම් කොට ඇත.

 

වර්තමානයේ රටේ ජනතාව මුහුණ පා සිටින දැඩි පීඩනකාරි තත්වය සමනය කිරිම සදහා ප්‍රධාන වශයෙන් ආහාර හා කෘෂිකර්මාන්තය, ඉන්ධන-විදුලිය යනාදි බලශක්තිය, අධ්‍යාපන, සෙෘඛ්‍ය මෙන්ම ප්‍රවාහන යන අත්‍යාවශ්‍ය සේවා සදහා කඩිනම් සහන හා විසදුම් ලබාදීම මෙම මෙහෙයුම් කමිටුවේ මූලික අරමුණ වේ.

Neth