ඇදිරි නීතියත් සමග ජවිපේ දේශපාලන තීන්දුවක් ගනී
ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කිරීමත් සමගම ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක අද(08) සන්ද්‍යාවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වීය.
මෙහිදී අදහස් දැක්වූ ජවිපෙ නායකයා ප්‍රකාශ කළේ ජන අරගලය කඩාකප්පල් කිරීමේ අරමුණින් රජය ඇදිරිනීතිය ක්‍රියාත්මක කළ බවයි. ජනතා අභිලාෂයන් ඉටු කිරීමට කිසිදු වුවමනවක් නැති වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා අද ජනතාව ප්‍ර කුසගින්නේ සිටින තත්ත්වය ට පත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.
ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු නැති රාජපක්ෂ රෙජිමයේ , ජනාධිපති ගොඨාභය රාජපක්ෂට මේ රට පාලනය කිරීමට කිසිදු සුදුසුකමක් නැති බවත් ගොඨාභය ගුහාවක හැංගිලා රට පාලනය කිරීමට කල්පනා කරන නමුත් මේ රට එසේ පාලනය කිරීමට නොහැකි බව මේ ජනාධිපතිට හා අගමැතිට නොතෙරෙන බවත් ජවිපේ නායකයා පැවසීය.
රෝහල් වලට බෙහෙත් නැතිව, ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නැතුව පෝලිම් වල සිටින අතර රටේ ඉදිකිරීම් ආදී කර්මාන්ත කඩා වැටී සමාජය විශාල ආතතියකට පත්ව ඇති බවත් මෙි අයුරින් රට විශල ව්‍යසනයකට ලක්ව තිබියදීත් මේ උත්සාහ කරන්නේ රට අවුලෙන් අවුලට පත් කිරීමට බවත් . නමුත් ඊට ඉඩ නොදී තමන් ජනතාව සමග එක්වී සටන් කරන බවත් අනුර කුමාර දිසානායක වැඩි දුරටත් පැවැසීය.
Aruna