Friday, January 02, 2026
Follow Us
අනුර කුමාර සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්

අපි අපේ පැත්තෙන් සහාය ලබාදෙන්න සූදානම්


ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් (07) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.

සාකච්ඡාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ,

“09 වනදා දියත් කොට තිබෙන අරගලයට අපි අපේ පැත්තෙන් සහාය ලබාදෙන්න සූදානම්. මේ උද්ඝෝෂණවලට සම්බන්ධවෙන සියලුදෙනාගෙනුත් අපි ඉල්ලා සිටිනවා..කිසිසේත්ම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන කිසිදු පුරවැසියෙක් ගලක්වත් අතින් ගන්න එපා. මෙය ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් දක්වා වර්ධනය වෙනවා නම් එහි වාසිය ආණ්ඩුවට.”

මෙම සාකච්ඡාවෙන් පසු අරගලකරුවන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් ද හමුවී තිබුණි.

Aruna