ආංශික අධීක්ෂණ කාරක සභා යළි පිහිටුවීම සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය මහතා විසින් සකස් කළ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය සාර්ථක කර ගැනීමෙන් දේශපාලන සංස්කෘතියේ ද වෙනසක් ඇති කළ හැකි බවයි.
රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.
ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය සාර්ථක කර ගැනීමට නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කළ යුතු බවයි.
Neth