22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති පහකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කල හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පවසනවා.
එම කෙටුම්පතට අදාල ගැසට් පත්‍රය පල කර දින 07ක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කල හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ.
Neth