Friday, January 02, 2026
Follow Us
දේශපාලඥයින් වරාය අධිකාරිය සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට චෝදනාවක්

දේශපාලඥයින් වරාය අධිකාරිය සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාළ චෝදනා කරනවා. විෂයභාර අමාත්‍යවරුන් වරාය අධිකාරියට සුදුසුකම් නොමැති 1000 කට අධික පිරිසක් එකවර සේවයට බඳවා ගන්නා බවයි ඔහු පැවසුවේ.

කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාළ මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

Neth