Friday, January 02, 2026
Follow Us
කුඩා දරුවෙකු දූෂණය කළහොත් එය මාධ්‍යවල පළ කරන්න එපා

කතානායක මාධ්‍ය වැඩමුළුවේදී පැවසු කතාව


වයස අවුරුදු 70ක පුද්ගලයෙකු අවුරුදු 6ක කුඩා දරුවෙකු ලිංගිකව දූෂණය කළහොත් එය ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කළ යුතු නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ , පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන් සඳහා පැවති වැඩමුළුවකදී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම පිටුදැකිය යුතුය යනුවෙන් සමාජයේ මතයක් ගොඩ නැගී ඇති බවත් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිටුදැකීමෙන් මෙම අර්බුදය විසඳාගත නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මාධ්‍යවේදීන් ජනතාව දැනුවත් කිරීමෙන් මෙම අර්බුදය විසඳාගත හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

Aruna