ධම්මික පෙරේරා අමාත්‍ය ධූරය දරණ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අයත් කාර්යයන් සහ රාජකාරී ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ඒ අනුව එම අමාත්‍යාංශයට ඇතුලත් කර ඇති ආයතන ගණන 7ක්.
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගර ආශ්‍රිත ව්‍යාපෘතිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අයත් වනවා. ඊට අමතරව කොලම්බෝ ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝ පාක් ඩිවලොප්මන්ඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ තොරතුරු තාක්ෂණ උද්‍යානද ඇතුලත්.
NEth