බලශක්ති අමාත්‍යවරයා බටහිර රටවල බලපෑමට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකමුතුව කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙරටට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මැදිහත් නොවන්නේ ඒ අනුව බවයි.
ශ්‍රී ලංකාවට රුසියාවේ සහය ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූලිකත්වය ගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණ්.
මේ අතර රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට අදාලව සාකච්ඡා කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම පක්ෂ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඔහු එම ලිපියෙන් පෙන්වා දෙන්නේ රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඉකුත් 8 වනදාද ලිපියක් මඟින් අවස්ථාව ඉල්ලූ බවත්, ඊට මෙතෙක් අවස්ථාවක් ද ලබා නොදුන් බවයි.
Neth