Friday, January 02, 2026
Follow Us
අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටිනවා.

විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර මෙම විරෝධතාවය හේතුවෙන් හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කොළඹ 05 වන පටුමග වසා දැමීමට පොලීසිය අද උදෑසන කටයුතු කළා.

කෙසේවෙතත් මාර්ගය වසා ඇති ස්ථානයේ රැඳී සිට විරෝධතාකරුවන් සිය විරෝධතාව පවත්වන බවයි නෙත් නිවුස් වාර්තකාරු සඳහන් කළේ.

Neth