Friday, April 19, 2024
Follow Us
මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මිනිස් ජීවිත 300කට අධික ප්‍රමාණයක් අහිමිවී තිබියදීත් ඇතැමුන් රටේ ඉදිරි දේශපාලනය පිළිබඳව කතා කරමින් දේශපාලන සූදුවක නිරත වන බවටයි ඒ මහතා චෝදනා කළේ.

ජනතාව පැතුම මෙය නොවන බව අවධාරණය කළ ඒ මහතා මෙම දේශපාලනය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

(LNW)