Friday, January 02, 2026
Follow Us
රුසියාවේ සහය ගන්න ආණ්ඩුවට උවමනාක් නොමැති බව විමල් කියයි

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට රුසියාවේ සහාය ලබාගැනීම සදහා රජයට කිසිදු උනන්දුවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

රුසියාවේ සහාය මෙරටට ලබාගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්‍ෂ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මෙම අදහස් පළ කළා.

විපක්‍ෂ නායකවරයා සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ කරන බව එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සදහන් කළා.

Neth