Friday, January 02, 2026
Follow Us
රනිල්ව මුදල් ඇමතිකමෙන් හෝ ඉවත් කරන්න – පොහොට්ටුවෙන් ජනපතිට යළි ඉල්ලීමක්

රනිල් වික්‍රමසිංහ මහතාව අවම වශයෙන් මුදල් අමාත්‍ය ධුරයෙන් හෝ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

එම මන්ත්‍රීවරුන් පිරිස ඊයේ (21) දිනයේදී ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස පෙරේදා දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණු අතර ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

LNW