19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයේ මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් නම් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන බව සමඟි ජනබලවේගය පවසනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කොටස් අඩු කිරීමට සිය පක්ෂය එකඟ නොවන බවයි. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පැවසුවේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීම සෑම පුරවැසියකුගේම යුතුකමක් වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.
ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබේ නම් සිය පක්ෂය ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත කල හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සදහන් කළේ.
Neth