Thursday, January 01, 2026
Follow Us
ජවිපෙන් අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව කරගෙන යන සීතල දඩයම අපි හෙළාදකිනවා



අරගලකරුවන්ට එරෙහිව ආණ්ඩුව සිදුකරන මර්ධනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ තවත් වැඩිවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අරගලයේ ක්‍රියාකාරින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෙන ඇති නියෝගය සම්බන්ධයෙන් අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව පැවසීය.

“බොරු වාර්තා ඉදිරිපත් කරලා, බොරු පැමිණිලි කරලා අධිකරණ නියෝග මත ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්න, ඔවුන් රදවාගෙන තියාගන්න, ඔවුන් රිමාන්ඩ් කරන්න, ඔවුන් බිය වද්දන්න උත්සාහයක් දරමින් ඉන්නවා.
පළමුවෙන්ම මේ ආණ්ඩුව කරගෙන යන මේ සීතල දඩයම, මේ මර්දනකාරී ක්‍රියාව අපි හෙළාදකිනවා. අපි අනතුරු අගවනවා, මේ මර්දනකාරී ක්‍රියා නැවැත්තුවේ නැත්නම් බරපතල උද්ගෝෂයන්ට, බරපතල විරෝධයන්ට එගොල්ලන්ට ලක්වෙන්න වෙයි.”

Aruna