Saturday, February 21, 2026
Follow Us
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හෙට (20) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව හෙට පස්වරු 05.00 ට කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.

රටේ පවතින ඉන්ධන අර්බුදය, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවත් වාර්තා විය.

LNW