Thursday, January 01, 2026
Follow Us
ඩයනා වවාගෙන කයි

‘‘දේශපාලනේ නොකළානම් මම දනී කරන වැඩේ‘‘


පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක් වුණේ ගංජා වගාව නීති ගත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගීම නිසාය. මේ දවස්වල ඩයනා ජයටම වගා කරන බව ට තොරතුරු වාර්තා වේ. නමුත් ඒ ගංජා නොවේ. වී හා එළවළු භෝගය. බත්තරමුල්ලේ ඩයානාගේ නිවෙසට යාබදව ඇයට අයිති කුඩා කුඹුරු කෑල්ලක් ඇත. එහි සාරෙට වී වගා කර ඇති අතර කුඹුරට යාබද ඕවිට කෑල්ලේ එළවළු වගා කර ඇත. මේ සම්බන්ධයෙන් ලැබුණු ආරංචියට අපි ඩයනා ගමගේට කතා කළෙමු.

‘‘මම හරි ආසයි ෆ්‍රෙෂ් පිට කඩාගත්ත එළවළු ටිකක් උයාගෙන කන්න. ඕවිටට ගියා කඩාගත්තා ආවා. වස විස මුකුත් ගහලා නෑ. මාළු මස්ටික විතරයි එළියෙන් ගන්නේ. මේක ඉතිං තම තමන් තේරුම් අරගෙන කරන්න පුළුවන්නම් ලොකු දෙයක්. නමුත් එහෙම කරන්නවත් ඉඩ නැති මිනිස්සු මොකද කරන්නේ, ඇත්තටම මහා ඛේදවාචකයක් මේ රටට වෙලා තියෙන්නේ. මට මේ මිනිස්සු විඳින දුක දැක්කාම පුදුම තරහක් එන්නේ. ඇත්තතමයි මම මේ දේශපාලනේ හිටියේ නැත්තං මම දනී කරන වැඩේ ‘‘ ඩයනා කුමක් කරන්නේ දැයි අපි විමසුවෙමු.

‘‘මොනවද කරන්නේ මම මේ රටේ ම ඉන්න ජනතාව වෙනුවෙන් යුද්ද ප්‍රකාශ කරනවා‘‘ මන්ත්‍රිවරිය පැවසුවාය.

අරුණ