Thursday, January 01, 2026
Follow Us
බැසිල් රටට කළ අපරාධය ගැන ප්‍රකාශයක්

හිටපු මුදල් ඇමති හිරේ යන්න ඕනේ – රතන හිමි


හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටට කළ අපරාධය හේතුවෙන් ඔහු සිරගත කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ”රට බංකොලොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද?” යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයින් කොළඹදී (12) පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි,

“බැසිල් අද ගෙදර ගිහිල්ලා. එයාට කිසිම වගකීමක් නැහැ දැන්. පවුල් දේශපාලනය මෙහෙයපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගිහිල්ලා තියෙනවා. රටේ ජනතාවට මෙහෙම ඉරණමක් අත්වෙලා තියෙද්දි. මිනිහෙකුට මෙහෙම රට යන්න පුළුවන්ද? මේ හිටපු මුදල් ඇමති හිරේ යන්න ඕනේ. මේ කරපු අපරාධයට. නමුත් අපි ඒ ගැන සාකච්ඡාවක් නැහැ. මාධ්‍ය සාකච්ඡාවක් තියලා හිනාවෙලා ගෙදර යනවා.”

Aruna