මැතිවරණ කොමිසමෙන් ජනතාවට පණිවුඩයක්
2022 ඡන්ද හිමි නාමලේඛනය මේ මස 15 වනදා සිට ජූලි මස 12 වනදා දක්වා ග්‍රාම නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම නාමලේඛනයෙන් ඉවත්වන සහ ඊට ඇතුළත් වන නම් පිළිබඳව එම කාලසීමාව තුළ දැනුවත් විය හැකි අතර විරෝධතා ඇත්නම් ලබන 15 වනදා සිට ජූලි මස 12 වනදා දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.
ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් නොවන කිසිවෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් නොලැබෙන බැවින් තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය තහවුරු කරගැනීමට ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
Aruna