Sunday, July 13, 2025
Follow Us
විපක්ෂයේ ප්‍රබලයෙකු ළගදීම ආණ්ඩුවට

විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු ඉදිරියේදී ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා පළ වනවා. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් අනතුරුව මෙම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයට එක්වනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් පසුව ද ඔහුට ආණ්ඩුවට එක්වන ලෙසට ආරාධනා කර ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේවෙතත් මීට දින දෙකකට පෙරද කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ ව්‍යාපාරික ධම්මික පෙරේරා ලබන 21 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඔහුට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධූරයක් ද හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ. බොහෝ දුරට ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට ප්‍රථම කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දෙනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චිට හෝ ඩයනා ගමගේට අමාත්‍යධූරයක් හිමිවනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

Neth